Thursday, November 10, 2011

ආයුබෝවන්ඩ.....!

නමෝ විත්තියෙන්, කොම්පියුටර රාජයාට දුං ටිකක් අල්ලලා, ඩොන්ගල් රාජයාට රුපියල් 100ක බිලි පූජාවක් තියලා වැඩේ පටං ගත්තා ඕන්න...
වැඩක් නැති වෙලාවට සිංහල බ්ලොග් කියවන්ඩ පුරුදු වෙලා හිටියට, එහෙම එකක් ලියන්ඩ ඕනෙයිකියලා හිතිලා දැනට මාසයක් හමාරක් වෙනවා...
ඔහොම ඉදලා ඉදලා බ්ලොග්ගුවක් පටං ගත්තාය කියමුකෝ....
මට තාම 17යි මෙයාලා.... ඒත් ඒ අවුරුදු 17ට මම කොරපු කියපු දෑ  අප්‍රමානයි...
වින්ද චාටර් අනන්තයි..
සොමියෙන් හිටපු වාර ගාන ඊට වැඩි...
අඩපු වෙලාවලුත් තිබ්බා..
ඔවුව මෙවුව අතරෙ බොහොම ප්‍රේමණිය කතාත් නැත්තෙම නෑ....

ඉතිං, ඔය වගේ වෙච්ච සොමිබර , ෆන්බර, දුක්බර කතා මම ඔක්කොම ඔයාලට කියන්නමිකෝ...
එවුව කියවල මාත් එක්කම හිනා වෙන්න...අඩන්න.....
පුලුවන්නම් කොමෙන්ටුවක් දාලා මට බැකප් එකකුත් දෙන්ඩෝ.....

වෙලාවකට ඉතිං මේකෙ බොහොම පණ්ඩිත කතාත් වැටෙයි...දාර්ශනික ටෝක්ස්...

කොහොමිං කොහොමිං හරි, මේ බ්ලොග් පිටුව පටං ගන්න මට උදවු උපකාර කරපු හැමෝටම ස්තුතියි.
මගෙ අම්මට, අප්පච්චිට , ඒ වගේම රාගම ඉන්න මගේ අයියට ගොඩාක් පින්....
ඒ වගේම එලිෆාස්, ෆේරො ,ජේ.ඇස්.ඇම්., සනා බෝයි......ඉස්කෝලෙදි දෙන බකප් එකට රොම්බ තෑන්ක්ස්!

එහෙනං......
එන්න ඹාලු ෆිට් එකත් එක්ක සයිබර් ටැංකියේ පීනාන්ට....
පීනන්ට දැන සිටීම අනවශ්‍යයි...පීනුං ඇදුම් අනවශ්‍යයි... සිංහල යුනිකෝඩි නම් අවශ්‍යයි.....
“ සාරිගප්පි “ ඔයාලගෙ ජීවිතවලත් තියන ලස්සන මතකයන් අවදි කරාවි.
ඒක මට සහතිකයි...

9 comments:

  1. ඔන්න එහෙනම් අපෙන් බැකප් එකක් දිගු ගමනක් යන්න සුභ පතනවා

    ReplyDelete
  2. එහෙනම් ලියමුකෝ බලන්න දිගටම.... :)))

    ReplyDelete
  3. හා හා පුරා කියලා පළවෙනි post එකේ අපි ගැනත් සඳහන් කලාට සතූතියි සහෝදරී.......... දිගට ම ලියමු එහෙනම්.... බෙල්ල දෙන්ඩ හරි අපිත් පිටි පස්සෙන් ඉන්නවා......... :)

    ReplyDelete
  4. ශශී ඹාලු තෙමට- ස්තුතියි සහෝදරයා.....පළවෙනිම පළවෙනි කොමෙන්ට් එකට.. ජය වේවා!

    නිසූපා අක්කණ්ඩිට-තෑන්ක් යූ අක්කණ්ඩි....
    මමත් මාර උණකින් ඉන්නේ කෙමිකල් ඉංජිනේරුවෙක් වෙන්ඩ....හෆ්ෆා....
    ජය වේවා!

    ReplyDelete
  5. මාලු ෆිට් එකට සිංහල බ්ලොග් සාගරේ ගොඩා දුරක් පීනලා යන්ඩ ලැබේවා කියලා පතන්නම්කෝ මමත් ..

    ReplyDelete
  6. සඳරු සහෝට-බොහොම ස්තුතියි සඳරු සහෝදරයා.....
    සහෝදරයාගෙ බ්ලොගේ තියවලා ලැබිචිචි ගැම්ම නිසා තමා මම මේ බිලොගේ ලියන්න ගත්තේ.....

    ReplyDelete
  7. එල කිරි, මේ පරනම් වෙඩේ 1කෙන්ම කරගෙන යන්න සුභ පතනවා. හිත හොදින්, කගෙත් සතුට වෙනුවෙන් කරන වෙඩෙනේ............. හොදටම සර්තක වේයි අනිවරයෙන්ම. Fit thamai ;)

    ReplyDelete
  8. එහෙනම් ඉතින් දිගටම ලියන්න තියෙන්නේ. අනිවාර්ටෙන්ම මම් කියවන්න එන්නම් !!!
    ජය වේවා !!!


    ඔන්න ඔබතුමාගේ/තුමියගේ බ්ලොග් එකටත් පොඩි ෆලෝ පාරක් දාලම යන්නම්.

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න. එතකොට අපට කමෙන්ට් කරන්න ගොඩක්ම ලේසියි.

    මෙන්න ක්‍රමේ.

    Dashboard > Settings > comment

    Word verification

    No karanna.

    ReplyDelete
  9. මධුරංග සහෝට- තෑන්ක්යු අයියා වෙරි වෙරි මචි...

    ReplyDelete