Friday, January 13, 2012

ගොඩාක් කාලෙකට පස්සේ......

හම්බේ...
සෑහෙන කාලෙකට පස්සේ ආවා ඔන්න.....
ආයෙත් නමි බ්ලොගේ අතාරින්නැ..නෑ මයි..
උ.පෙ. පංති යන්ට ගියාම වෙන මොනවත් කොරන්ට වෙලාවක් නැහැ නෙව...
මොනව උනත්, පටං ගත්ත වැඩක් අතාරින්ටෙත් නැ...
හෙනං,
ආයෙමත් ඹාලුත් එක්ක පීනමු.....

Saturday, December 31, 2011

2012 ත් ලැබුවා ඕන්ට....!

හම්පේ....
සිද්ධි බොහොම කාරියක් ඉවරවෙලා,2011 ට ටටා බායි කියාලා, ඔන්න ඉතිං 2012 ත් ලැබුවා..!
මේ 2012 අවුරුද්ද, කිරියෙන්, පැනියෙන්,ඉතිරෙන, සිත් තැවුල් නැති, සියලු විභාග පාත් නොවී පාස් වෙන,සියලුදෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ඨසිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා! යි කියල ඹාලු යාලුවා ඉත සිතින් සුභපතනවා ඕන්න.....
( මම මේකට කැමති නෑ..ඒත් සිද්ධ වෙන ජිගිරිබිරිස් එක්ක මේකත් වෙයි ක්යල හිතෙනවා අප්පා..කොහොම උනත්, 2012 ලෝක විනාශය සිද්ධ නොවේවා!)

Friday, November 25, 2011

පුපුල් කොලුවගෙ මුරුක්කු

මෙවුක මම බොහොම බට්ටා කාලේ වෙච්ච දෙයක්.
එතකොට මම යාන්තමට තුන වසරේ වෙන්ට ඕන...

මගේ ප්‍රාථමික ඉස්කෝලේ මිශ්‍ර එකක්....ඔකෙ මගේ බොක්ක කොලු පැංචෙක්.. නම පුපුල්....
පුපුල් හොඳ ලස්සන කොලු ගැටයා ..... සුදුම සුදුයි... පුංචි කාලෙ උනත් අපේ පංත්යේ හිටපු කෙල්ලො මුට මාර ට්‍රයි....

ඒ කාලෙ අපිට ඔය කොලු කෙලි භේද තිවුවේ නෑ. චු බරක් හැදිලා වැසිකිලියට දිවුවත් ළග ඉන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නෑ, ඇදගෙන දුවනවා.......ආරක්ෂාවටත් හොඳයිනේ...

ඉතිං ඔන්න ඔහොමයි අපි කාලෙ ගෙවුවේ ඒ කාලේ...

ඒ කාලේ අපිට ෂෝයි පුරුද්දක් තිවුවා....
කැන්ටිමට අපි යනවා ඉන්ටර්වල් එකේ රුපියල් දෙකකුත් අරගෙන...
ගිහිල්ලා කැන්ටිමේ පොර කාලා පොර කාලා බුල්ටෝ ජෝඩුවක් හරි , මුරුක්කු කෑල්ලක් හරි උස්සං එනවා..
ඔක මාර ෆන් වැඩක් ඒ කාලේ. කොල්ලො කෙල්ලො රංචුව එකට පොර කද්දි.....

එදා අපේ පුපුල් කොල්ලගෙ හැපි බර්ත් ඩේ එක... මං අපේ අම්මට කියල වැඩිපුර රුපියල් දෙහකුත් අරං ගියේ  බර්ත් ඩේ එකට තෑග්ගක් දෙන්න හිතාගෙන..
සුපුරුදු පරිදි එදත් ඉන්ටර්වල් එකේ කැන්ටිමට අපි යන්න ලැස්ති වුනා ඔන්ට....

මම දැං රජා මං ළග රුපියල් හතරක් තියනවා....
“ පුපුල් “...
“ ඇයි ඹාලු..?“
“අද මං ගානෙ ඔයාට මුරුක්කු...අපි කෙන්ටිමට යං..“
මුගේ මුණෙ මල් 14 විතර පිපිල තිබුන විදිහ මට මතකයි...
අපි ඉතිං කැන්ටිමට ගොහිල්ල සුපුරුදු පරිදි පොරකාලා පොරකාල ඉස්සරහට ආවා..අවට මොකද ගන්නෙ මොනවද කියලා අදහසක් නෑ.... මං රුපියල් හතර පිටිපස්සෙ එවුන්ට පේන විදිහට අල්ලගෙන පුපුල් ගෙං දැං මෙහෙම අහනවා....
“ පුපුල් , මුරුක්කු?“
“එපා“
“ බුල්ටෝ“
“ එවුව එපා“
“ පැණි වලලු“
“ එවුවත් එපා“

ලෝබකොම වැඩිවුනාම අරකත් මෙවුව කරනව කිවුවලු... මෙික කැන්ටිමේ ටොපි අහුරලා තිවුව බෝතල් දිහා බලාගෙන කමිපනා කොරනවා....

ඔය අස්සේ පිටිපස්සේ හිටිය එවුන්ට තද වෙලා....
අනේ ඉතිං ඊට පස්සේ...
වෙච්ච දේ මං තාම කල්පනා කොරනවා...

පුපුල් කොලුවා මයෙං රුපුයල් හතරත් අරගෙන කැන්ටිමේ දොර කෑල්ලේ එල්ලුනා මතකයි... අනේ ඉතිං ඊට පස්සේ ..පිටිපසුසේ එවුනුත් එක්ක මම පැත්තකට තල්ලු වෙලා ගියා වගේත් මතකයි.... එක පාරටම

“බරාස්ස්ස්ස්ස්“
පුපුල් කොලුව බිම.....
කලිසම දොරේ......

කෙල්ලො ටික ඔක්කොම කෑ ගහනවා.......“ හෑයියා.... ගාලා...
ඔය අස්සේ පුපුල් අඩනවා හෝ ගාලා...
පට පට ගාලා ටීචර්ලා ඇවිත් පුපුල්ව එක්කං ගියා...

පුපුල්ගේ උපන්දිනේට දුන්නු හොඳම තෑග්ග ඒක වෙන්ටැයි මයෙ හිතේ...

ඔවුව ඔක්කොම වුනේ මුරුක්කුවක් නිසා නෙව.. එදා ඉදං පුපුල් ට ස්කෝලෙ කොල්ලො කීවෙ මුරුක්කුවා කියල...

තාමත් ඒ නම කියනවද මම දන්නෙ නෑ...මොකද මේ පුංචි කතාව මතක් වෙචිච් අද වෙනකොට මං අවුරුදු 6ක් තිස්සේ පුපුල් ව ඇහැටවත් දැකලා නැ.
කාලෙත් හැටි.....

Thursday, November 17, 2011

සඳ රෑ.......

පලම පලම පලවෙනි පෝස්ට් එක , අපේ ගුරු ජී වෙනුවෙන් වෙන් කොරාන්ටේ, හද පිරි බැතියෙන් කියල කියන්ටම ඕනේ.....( හම්ම්ම්ම්ම්..)

මේවුක සිද්ධ වුනේ අපේ එලිෆාස් මැක්සිමුස් ට....

සුපුරුදු පර්දි, කිසිම පොතක් වත් අරගෙන නැතිව පංතියට එන  ගුරු ජී, සුපුරුදු පරිදිම ක්යවාගෙන යන්ට පටාං ගත්තා....පාඩම....
කෙල්ලො දෙතුං දෙනෙක් උගුර පේන තරමි ලොකුවට “හාග්ම්.....“ කියල ඈනුමක් එහෙම ඇරල පුටුවට හේත්තුවකුත් දාගෙනම රෙඩි පිට හිටියෙ හොඳ නින්දක් දාන්ටමි කෝ...කියල හිතල වෙන්ට ඕනෙ...
ඔය පිරිස අතරේ ඹාලුයි, එයාගෙ සැට් එකයිත් හිටිය ක්යල කියන්ඩ ඔනෙ නෑ නෙව...

ඒත් ඔය කියන දා, ගුරු ජී ගෙ මුනෙ වෙනද නැති කොචොක් පාට් එකක් තියන බව ඹාලුගෙ ෂර්ලොක් හෝම්ස් ඇස් වලට අහුවුනා...නිදි කිර කිරා හිටිය , අපේ සුදු හාවට වැලමිටෙන් ඇනල මම ඔක කීවම,හාවා මට දෙකක් කියලා අනික් පැත්ත හැර්ලා ඩෙස් එක උඩට වැටිලා ගොරවන්ඩ පටං ගත්තා ඕන්න...

කොහොම කොහොම හරි, අතිශය ප්‍රණිත පැය එක හමාරක් ගෙවිලා ගියා....

පංතියේ ඉන්න 40 දෙනාම, හොඳට ඩෙස් උඩ වැටිලා පාඩම් කරනවා...සමහරු හිනා වෙනවා....සමහරු අඩනවා...ඒ හීනෙන් කලිංදා බලපු හින්දි ෆිල්ම් එක පෙනිලා එහෙම නෙවෙයි ඔන්න..පාඩමේ තියන රසවත් කොමට.....

ඒත් පුදුමේ කියන්නේ, ගුරු ජී අන්තිමට බෙල් එක ගහපු වෙලාවෙදිවත් නැගිටලා ගියේ නෑ....
( වෙනදා ගුරු ජී බෙල් එක ගහන්නත් කලිං නැගිටලා යනවා....හෆ්ෆා..සැනසීමයි...)

ගුරු පුටුවෙ සිංහාසනාරූඪ වෙච්චි ගුරු ජී, කමිසෙ උඩ සාක්කුවෙන් හසුන්පතක් ගත්තා....
තුනට හකරට නවලා තිබ්බ කොලේ දැකල , කාගෙ කාගෙත් පපුව පත්තු වුනේ , බෝයි ෆ්‍රෙන්ඩි දුන්න ලියුම දැම්මේ කොහෙද කියල මතක් වෙලා එහෙම නෙවි, ඉස්කොලෙ සංවර්ධන වැඩපිලිවෙල කඩංවැටිලද කියලා ඔන්න හරිද....

හෆොයි..බලන්න තිබ්බා වැඩේ..නිදි කිර කිර හිටපු ඔක්කොම කෙල්ලෝ ලෙංසු වලින් දාඩිය පිහිනවා... පවං ගහනවා..ගවුමෙ හොර සාක්කු චෙක් කොරනවා...මේ දවස්වල රස්නෙ වැඩිනෙ ඒකයි...
නිදිමත කොහෙං ගියාද නෑ....

ගුරු ජී හොඳට ගුරු පුටුවෙ හර්බර් ගැහිලා ..අපේ කෙල්ලො සමහරු ඩෙස් අස්සෙ හැංගෙන්න හදනවා...
ආය නෑ...
“ දැං ඒ ලෙවල් කරන ළමයින්ට තියෙන්නේ හර්ම සාහිත්‍යාත්මක අදහස් නේ...මේ පංතියෙම ළමයෙක්ගේ පොතක් ඇතුලේ තිබිලා මට මේ කවිය හම්බුනා .....බලන්න කොච්චර කාව්‍යාත්මකද කියලා...“
ගුරු ජී බොහොම වර්ණනා කරන විදිහට කිවුවා නෙව...

දැං ඉතිං බ්ලොගේ කියවන අයත් බැලුවනං මොකක්ද මේ කාව්‍යාත්මක අයිඩියා පාර කියලා...

සඳ රෑ මගෙ දෑස මානේ පායා
දුටුවා ඔබෙ නීල දෑසේ සේයා
මතකේ ඇත ප්‍රේම හීනේ චායා
හැමදා ඔබෙ තුරුලෙ ඉන්ඩයි ඕනා.......
*$%^&*(0@!344^&%$54#@$%%^

සර් බොහොම අලංකාර විදිහට සෘති පිහිටුවලා ගායනා කරපු ගායනා කිරිල්ලට හැමෝටම හිනා...
ඔන්න ඔය අස්සේ අපේ එලිෆාස්ට කික් වෙලා...
ඒ දවස් වල අපේ ගැන්සියට ඔය සින්දු පිස්සුවක් තිබිබා...සිංදුවල වචන ලියපු කොල පොත් අස්සේ, ඩෙස් අස්සේ, හැම තැනම..සමහරු බත් පාර්සලේ ඔතන්නෙත් ඔවුවල..
පංතියේ ටීචර් කෙනෙක් නැති වෙලාවට බෙරිහන්දීලා සිංදු කියන එක තමයි අපේ විනෝදාංශේ....

ඉතිං, අපේ එලිෆාස් ,සර් ගේ සිංදුවට පස්සේ දඩ බඩ ගාලා මෙසෙ උඩ තිබ්බ පොත් පෙරල පෙරලා සිංදු කොලේ හොයන්ඩ ගත්තා..
මේ යකා හිටියෙ ඉස්සරහා පේලියේ..
මොන මොට්ට කමක්ද, ගුරු ජීට ඕක මාට්ටු වෙන්ඩ වැඩි වෙලාවක් ගියේ නෑ..
“ දැං ඔන්න කස්ටිය තමංගෙ කවිය තියෙනවාද කියලා බලනවා..“ ගුරු ජී ....
ඹාලුවාට ඉස්සරහ ඩෙස් එකේ තමයි එලිෆාස් හිටියේ...කොරපු ගොං වැඩේ තරම කියල දෙන්ට , ඹාලුවා දෙතුං වතාවක් හයියෙං අලි දෙනගෙ පුටුවට ඇන්නා...
“ ගොනෝ...“
“ මේකයි පුස්නෙ..මගෙ ඒසිංදු කොලෙත් නෑ..අද ගෙනාපු කොලෙත් නෑනේ..“
“ ගොනෝ , හෙමිහිට කි--------“
“ මේක බාප්පගෙ ආංඩුවද ආ...“

මුලු පංතියටම ඇහෙන්ඩ එලිෆාස් කෑ ගැහුවා..
ගුරු ජී ට ඕක ඇහුනා...
ඔන්න ඔය වෙලාවෙ ඹාලුවට ළඟම තිබ්බ හාඩිවෙයාර් එකෙං උදැල්ලක් ගෙනත් වලක් කපල වැලලිලා, අලිපැටියවත් වලදාන්ඩ හිතුනා...
ගුරු ජී හිනාවක් දාලා සිංද කොලේ තුනට හතරට නවල සාක්කුවෙ දාගෙන පංතියෙන් දොට්ට බැස්සාය කියමුකෝ...

ඒ ලෙවල් පංතියට ආවයින් පස්සේ අනුභව කරපු පළවෙනි චාටර් එක කෑවෙ ඕන්න ඔහොමයි....
එදා ඉදං අපේ කස්ටිය පංතියෙ හැම ඩෙස් එකකම ඔය කවි පද හතර ලියනවා...

මොනව උනත් එදා අපි කරපු දේ වැරදියි කියල තේරෙනවා...ප්‍රේම සිංදු පොත් අස්සේ දාගෙන අකුරු කොරාන්ට බැරි බව තේරුනත් ,මොනව කොරාන්ටද හෆ්ෆා... උපතින්ම ලැබිලා තියෙන ෆන් හිත් වලට..

වෙච්ච දෙයක් වෙච්චාවෙයි කියලා... එදා සර් පංතියෙන් එලියට ගියායින් පස්සේ.. අලි පැටියගෙ බෙලිල මිරිකන්ඩෙයි කියලා... මම ඩෙස් එක උඩිං පැන්නා..

“ අඩෝ......“................................

Thursday, November 10, 2011

ආයුබෝවන්ඩ.....!

නමෝ විත්තියෙන්, කොම්පියුටර රාජයාට දුං ටිකක් අල්ලලා, ඩොන්ගල් රාජයාට රුපියල් 100ක බිලි පූජාවක් තියලා වැඩේ පටං ගත්තා ඕන්න...
වැඩක් නැති වෙලාවට සිංහල බ්ලොග් කියවන්ඩ පුරුදු වෙලා හිටියට, එහෙම එකක් ලියන්ඩ ඕනෙයිකියලා හිතිලා දැනට මාසයක් හමාරක් වෙනවා...
ඔහොම ඉදලා ඉදලා බ්ලොග්ගුවක් පටං ගත්තාය කියමුකෝ....
මට තාම 17යි මෙයාලා.... ඒත් ඒ අවුරුදු 17ට මම කොරපු කියපු දෑ  අප්‍රමානයි...
වින්ද චාටර් අනන්තයි..
සොමියෙන් හිටපු වාර ගාන ඊට වැඩි...
අඩපු වෙලාවලුත් තිබ්බා..
ඔවුව මෙවුව අතරෙ බොහොම ප්‍රේමණිය කතාත් නැත්තෙම නෑ....

ඉතිං, ඔය වගේ වෙච්ච සොමිබර , ෆන්බර, දුක්බර කතා මම ඔක්කොම ඔයාලට කියන්නමිකෝ...
එවුව කියවල මාත් එක්කම හිනා වෙන්න...අඩන්න.....
පුලුවන්නම් කොමෙන්ටුවක් දාලා මට බැකප් එකකුත් දෙන්ඩෝ.....

වෙලාවකට ඉතිං මේකෙ බොහොම පණ්ඩිත කතාත් වැටෙයි...දාර්ශනික ටෝක්ස්...

කොහොමිං කොහොමිං හරි, මේ බ්ලොග් පිටුව පටං ගන්න මට උදවු උපකාර කරපු හැමෝටම ස්තුතියි.
මගෙ අම්මට, අප්පච්චිට , ඒ වගේම රාගම ඉන්න මගේ අයියට ගොඩාක් පින්....
ඒ වගේම එලිෆාස්, ෆේරො ,ජේ.ඇස්.ඇම්., සනා බෝයි......ඉස්කෝලෙදි දෙන බකප් එකට රොම්බ තෑන්ක්ස්!

එහෙනං......
එන්න ඹාලු ෆිට් එකත් එක්ක සයිබර් ටැංකියේ පීනාන්ට....
පීනන්ට දැන සිටීම අනවශ්‍යයි...පීනුං ඇදුම් අනවශ්‍යයි... සිංහල යුනිකෝඩි නම් අවශ්‍යයි.....
“ සාරිගප්පි “ ඔයාලගෙ ජීවිතවලත් තියන ලස්සන මතකයන් අවදි කරාවි.
ඒක මට සහතිකයි...