Thursday, November 17, 2011

සඳ රෑ.......

පලම පලම පලවෙනි පෝස්ට් එක , අපේ ගුරු ජී වෙනුවෙන් වෙන් කොරාන්ටේ, හද පිරි බැතියෙන් කියල කියන්ටම ඕනේ.....( හම්ම්ම්ම්ම්..)

මේවුක සිද්ධ වුනේ අපේ එලිෆාස් මැක්සිමුස් ට....

සුපුරුදු පර්දි, කිසිම පොතක් වත් අරගෙන නැතිව පංතියට එන  ගුරු ජී, සුපුරුදු පරිදිම ක්යවාගෙන යන්ට පටාං ගත්තා....පාඩම....
කෙල්ලො දෙතුං දෙනෙක් උගුර පේන තරමි ලොකුවට “හාග්ම්.....“ කියල ඈනුමක් එහෙම ඇරල පුටුවට හේත්තුවකුත් දාගෙනම රෙඩි පිට හිටියෙ හොඳ නින්දක් දාන්ටමි කෝ...කියල හිතල වෙන්ට ඕනෙ...
ඔය පිරිස අතරේ ඹාලුයි, එයාගෙ සැට් එකයිත් හිටිය ක්යල කියන්ඩ ඔනෙ නෑ නෙව...

ඒත් ඔය කියන දා, ගුරු ජී ගෙ මුනෙ වෙනද නැති කොචොක් පාට් එකක් තියන බව ඹාලුගෙ ෂර්ලොක් හෝම්ස් ඇස් වලට අහුවුනා...නිදි කිර කිරා හිටිය , අපේ සුදු හාවට වැලමිටෙන් ඇනල මම ඔක කීවම,හාවා මට දෙකක් කියලා අනික් පැත්ත හැර්ලා ඩෙස් එක උඩට වැටිලා ගොරවන්ඩ පටං ගත්තා ඕන්න...

කොහොම කොහොම හරි, අතිශය ප්‍රණිත පැය එක හමාරක් ගෙවිලා ගියා....

පංතියේ ඉන්න 40 දෙනාම, හොඳට ඩෙස් උඩ වැටිලා පාඩම් කරනවා...සමහරු හිනා වෙනවා....සමහරු අඩනවා...ඒ හීනෙන් කලිංදා බලපු හින්දි ෆිල්ම් එක පෙනිලා එහෙම නෙවෙයි ඔන්න..පාඩමේ තියන රසවත් කොමට.....

ඒත් පුදුමේ කියන්නේ, ගුරු ජී අන්තිමට බෙල් එක ගහපු වෙලාවෙදිවත් නැගිටලා ගියේ නෑ....
( වෙනදා ගුරු ජී බෙල් එක ගහන්නත් කලිං නැගිටලා යනවා....හෆ්ෆා..සැනසීමයි...)

ගුරු පුටුවෙ සිංහාසනාරූඪ වෙච්චි ගුරු ජී, කමිසෙ උඩ සාක්කුවෙන් හසුන්පතක් ගත්තා....
තුනට හකරට නවලා තිබ්බ කොලේ දැකල , කාගෙ කාගෙත් පපුව පත්තු වුනේ , බෝයි ෆ්‍රෙන්ඩි දුන්න ලියුම දැම්මේ කොහෙද කියල මතක් වෙලා එහෙම නෙවි, ඉස්කොලෙ සංවර්ධන වැඩපිලිවෙල කඩංවැටිලද කියලා ඔන්න හරිද....

හෆොයි..බලන්න තිබ්බා වැඩේ..නිදි කිර කිර හිටපු ඔක්කොම කෙල්ලෝ ලෙංසු වලින් දාඩිය පිහිනවා... පවං ගහනවා..ගවුමෙ හොර සාක්කු චෙක් කොරනවා...මේ දවස්වල රස්නෙ වැඩිනෙ ඒකයි...
නිදිමත කොහෙං ගියාද නෑ....

ගුරු ජී හොඳට ගුරු පුටුවෙ හර්බර් ගැහිලා ..අපේ කෙල්ලො සමහරු ඩෙස් අස්සෙ හැංගෙන්න හදනවා...
ආය නෑ...
“ දැං ඒ ලෙවල් කරන ළමයින්ට තියෙන්නේ හර්ම සාහිත්‍යාත්මක අදහස් නේ...මේ පංතියෙම ළමයෙක්ගේ පොතක් ඇතුලේ තිබිලා මට මේ කවිය හම්බුනා .....බලන්න කොච්චර කාව්‍යාත්මකද කියලා...“
ගුරු ජී බොහොම වර්ණනා කරන විදිහට කිවුවා නෙව...

දැං ඉතිං බ්ලොගේ කියවන අයත් බැලුවනං මොකක්ද මේ කාව්‍යාත්මක අයිඩියා පාර කියලා...

සඳ රෑ මගෙ දෑස මානේ පායා
දුටුවා ඔබෙ නීල දෑසේ සේයා
මතකේ ඇත ප්‍රේම හීනේ චායා
හැමදා ඔබෙ තුරුලෙ ඉන්ඩයි ඕනා.......
*$%^&*(0@!344^&%$54#@$%%^

සර් බොහොම අලංකාර විදිහට සෘති පිහිටුවලා ගායනා කරපු ගායනා කිරිල්ලට හැමෝටම හිනා...
ඔන්න ඔය අස්සේ අපේ එලිෆාස්ට කික් වෙලා...
ඒ දවස් වල අපේ ගැන්සියට ඔය සින්දු පිස්සුවක් තිබිබා...සිංදුවල වචන ලියපු කොල පොත් අස්සේ, ඩෙස් අස්සේ, හැම තැනම..සමහරු බත් පාර්සලේ ඔතන්නෙත් ඔවුවල..
පංතියේ ටීචර් කෙනෙක් නැති වෙලාවට බෙරිහන්දීලා සිංදු කියන එක තමයි අපේ විනෝදාංශේ....

ඉතිං, අපේ එලිෆාස් ,සර් ගේ සිංදුවට පස්සේ දඩ බඩ ගාලා මෙසෙ උඩ තිබ්බ පොත් පෙරල පෙරලා සිංදු කොලේ හොයන්ඩ ගත්තා..
මේ යකා හිටියෙ ඉස්සරහා පේලියේ..
මොන මොට්ට කමක්ද, ගුරු ජීට ඕක මාට්ටු වෙන්ඩ වැඩි වෙලාවක් ගියේ නෑ..
“ දැං ඔන්න කස්ටිය තමංගෙ කවිය තියෙනවාද කියලා බලනවා..“ ගුරු ජී ....
ඹාලුවාට ඉස්සරහ ඩෙස් එකේ තමයි එලිෆාස් හිටියේ...කොරපු ගොං වැඩේ තරම කියල දෙන්ට , ඹාලුවා දෙතුං වතාවක් හයියෙං අලි දෙනගෙ පුටුවට ඇන්නා...
“ ගොනෝ...“
“ මේකයි පුස්නෙ..මගෙ ඒසිංදු කොලෙත් නෑ..අද ගෙනාපු කොලෙත් නෑනේ..“
“ ගොනෝ , හෙමිහිට කි--------“
“ මේක බාප්පගෙ ආංඩුවද ආ...“

මුලු පංතියටම ඇහෙන්ඩ එලිෆාස් කෑ ගැහුවා..
ගුරු ජී ට ඕක ඇහුනා...
ඔන්න ඔය වෙලාවෙ ඹාලුවට ළඟම තිබ්බ හාඩිවෙයාර් එකෙං උදැල්ලක් ගෙනත් වලක් කපල වැලලිලා, අලිපැටියවත් වලදාන්ඩ හිතුනා...
ගුරු ජී හිනාවක් දාලා සිංද කොලේ තුනට හතරට නවල සාක්කුවෙ දාගෙන පංතියෙන් දොට්ට බැස්සාය කියමුකෝ...

ඒ ලෙවල් පංතියට ආවයින් පස්සේ අනුභව කරපු පළවෙනි චාටර් එක කෑවෙ ඕන්න ඔහොමයි....
එදා ඉදං අපේ කස්ටිය පංතියෙ හැම ඩෙස් එකකම ඔය කවි පද හතර ලියනවා...

මොනව උනත් එදා අපි කරපු දේ වැරදියි කියල තේරෙනවා...ප්‍රේම සිංදු පොත් අස්සේ දාගෙන අකුරු කොරාන්ට බැරි බව තේරුනත් ,මොනව කොරාන්ටද හෆ්ෆා... උපතින්ම ලැබිලා තියෙන ෆන් හිත් වලට..

වෙච්ච දෙයක් වෙච්චාවෙයි කියලා... එදා සර් පංතියෙන් එලියට ගියායින් පස්සේ.. අලි පැටියගෙ බෙලිල මිරිකන්ඩෙයි කියලා... මම ඩෙස් එක උඩිං පැන්නා..

“ අඩෝ......“................................

9 comments:

  1. පව් අප්පා අපේ එලිෆාස් මැක්සිමුස්.. කොරොත් කරන්නේ ඉතින් ඔය වගේ ගොන් වෙඩක් තමා... :P :P

    ReplyDelete
  2. හොඳ ළමයෝ,
    ඔවු හෆ්ෆා.... සහෝදරයා දන්නවනේ අපේ එකීගෙ හැටි.....

    ReplyDelete
  3. හෆොයි මෙහෙමත් යාළුවො. මුන් එකෙක්ටවත් රාජ සනතක වුන මගෙ සිංදුව ගැන දුක නැති හැටි. ඒක මාර කට්ටක් කාලා ඕයි ලිවුවෙ..........

    ReplyDelete
  4. අපි දනී ඔවුවා ඹැක්සියෝ්්්්....

    ReplyDelete
  5. ඔහොම යන් ඔහොම යන්! ජය!

    ReplyDelete
  6. අම්මෝ ලිපුමක් ලියන කෙනෙක් ගැන අහන්න ලැබෙන එකත් සතුටක් !!!
    ඔය එලිෆාස් කියලා කියන්නේ උඩ කමෙන්ට් කරපු කෙනාද. කවිය ලස්සනයි එලිෆාස්.

    ReplyDelete
  7. හෆොයි...!! ලැජ්ජා කෝටි දෙකහමාරයි කිව්වලු... හැබැයි හොඳටම මදි.. මම ඔය වගේ සීන් එකකට අපේ ගුරුජීට මාට්ටු උනේ නමය වසරෙදි...

    ReplyDelete
  8. @මධුරංග, හී........... ඔව් ඔව් ඒ මං තමයි :)

    @පිනා අයියා, අනේ යන්ඩ ලොකු සහෝ. ඔයාට එච්චර දෙයක් පුලුවන් නං මොනා කරන්ඩ බැරි ද? :P

    ReplyDelete
  9. විසිතුරු අයියට- බොහොමත්ම ස්තුත්යි සහෝදරයා බැකප් එකට!
    මධුරංග අයියන්ඩිට- අනේ හපොයි......යෙක අර ලියුමෙ කේස් එක මොකද්ද අයියා.....තෑන්ක්යූ....බැකප් එකට!
    පිනා අයියට- අපි ඉතිං ඒ කාලෙ හොඳ ළමයි නේ....
    අර එලිෆාස් ක්වුවෙ මොකද්ද ආ.... මොනව උනත් දෙන බැකප් එකට රොම්බ තෑන්ක්ස්!
    එලිෆාස්- දැං වීරයා වෙලා වගේ ආ.... මාට්ටුවෙයංකෝ ස්කෝලෙදි....

    ReplyDelete