මෙවුක මම බොහොම බට්ටා කාලේ වෙච්ච දෙයක්.
එතකොට මම යාන්තමට තුන වසරේ වෙන්ට ඕන...
මගේ ප්රාථමික ඉස්කෝලේ මිශ්ර එකක්....ඔකෙ මගේ බොක්ක කොලු පැංචෙක්.. නම පුපුල්....
පුපුල් හොඳ ලස්සන කොලු ගැටයා ..... සුදුම සුදුයි... පුංචි කාලෙ උනත් අපේ පංත්යේ හිටපු කෙල්ලො මුට මාර ට්රයි....
ඒ කාලෙ අපිට ඔය කොලු කෙලි භේද තිවුවේ නෑ. චු බරක් හැදිලා වැසිකිලියට දිවුවත් ළග ඉන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නෑ, ඇදගෙන දුවනවා.......ආරක්ෂාවටත් හොඳයිනේ...
ඉතිං ඔන්න ඔහොමයි අපි කාලෙ ගෙවුවේ ඒ කාලේ...
ඒ කාලේ අපිට ෂෝයි පුරුද්දක් තිවුවා....
කැන්ටිමට අපි යනවා ඉන්ටර්වල් එකේ රුපියල් දෙකකුත් අරගෙන...
ගිහිල්ලා කැන්ටිමේ පොර කාලා පොර කාලා බුල්ටෝ ජෝඩුවක් හරි , මුරුක්කු කෑල්ලක් හරි උස්සං එනවා..
ඔක මාර ෆන් වැඩක් ඒ කාලේ. කොල්ලො කෙල්ලො රංචුව එකට පොර කද්දි.....
එදා අපේ පුපුල් කොල්ලගෙ හැපි බර්ත් ඩේ එක... මං අපේ අම්මට කියල වැඩිපුර රුපියල් දෙහකුත් අරං ගියේ බර්ත් ඩේ එකට තෑග්ගක් දෙන්න හිතාගෙන..
සුපුරුදු පරිදි එදත් ඉන්ටර්වල් එකේ කැන්ටිමට අපි යන්න ලැස්ති වුනා ඔන්ට....
මම දැං රජා මං ළග රුපියල් හතරක් තියනවා....
“ පුපුල් “...
“ ඇයි ඹාලු..?“
“අද මං ගානෙ ඔයාට මුරුක්කු...අපි කෙන්ටිමට යං..“
මුගේ මුණෙ මල් 14 විතර පිපිල තිබුන විදිහ මට මතකයි...
අපි ඉතිං කැන්ටිමට ගොහිල්ල සුපුරුදු පරිදි පොරකාලා පොරකාල ඉස්සරහට ආවා..අවට මොකද ගන්නෙ මොනවද කියලා අදහසක් නෑ.... මං රුපියල් හතර පිටිපස්සෙ එවුන්ට පේන විදිහට අල්ලගෙන පුපුල් ගෙං දැං මෙහෙම අහනවා....
“ පුපුල් , මුරුක්කු?“
“එපා“
“ බුල්ටෝ“
“ එවුව එපා“
“ පැණි වලලු“
“ එවුවත් එපා“
ලෝබකොම වැඩිවුනාම අරකත් මෙවුව කරනව කිවුවලු... මෙික කැන්ටිමේ ටොපි අහුරලා තිවුව බෝතල් දිහා බලාගෙන කමිපනා කොරනවා....
ඔය අස්සේ පිටිපස්සේ හිටිය එවුන්ට තද වෙලා....
අනේ ඉතිං ඊට පස්සේ...
වෙච්ච දේ මං තාම කල්පනා කොරනවා...
පුපුල් කොලුවා මයෙං රුපුයල් හතරත් අරගෙන කැන්ටිමේ දොර කෑල්ලේ එල්ලුනා මතකයි... අනේ ඉතිං ඊට පස්සේ ..පිටිපසුසේ එවුනුත් එක්ක මම පැත්තකට තල්ලු වෙලා ගියා වගේත් මතකයි.... එක පාරටම
“බරාස්ස්ස්ස්ස්“
පුපුල් කොලුව බිම.....
කලිසම දොරේ......
කෙල්ලො ටික ඔක්කොම කෑ ගහනවා.......“ හෑයියා.... ගාලා...
ඔය අස්සේ පුපුල් අඩනවා හෝ ගාලා...
පට පට ගාලා ටීචර්ලා ඇවිත් පුපුල්ව එක්කං ගියා...
පුපුල්ගේ උපන්දිනේට දුන්නු හොඳම තෑග්ග ඒක වෙන්ටැයි මයෙ හිතේ...
ඔවුව ඔක්කොම වුනේ මුරුක්කුවක් නිසා නෙව.. එදා ඉදං පුපුල් ට ස්කෝලෙ කොල්ලො කීවෙ මුරුක්කුවා කියල...
තාමත් ඒ නම කියනවද මම දන්නෙ නෑ...මොකද මේ පුංචි කතාව මතක් වෙචිච් අද වෙනකොට මං අවුරුදු 6ක් තිස්සේ පුපුල් ව ඇහැටවත් දැකලා නැ.
කාලෙත් හැටි.....
ඒ මල්ලි පවු නේ.
ReplyDeleteඒ උනාට පොඩි කාලේ ඔහොම ලැජ්ජ හිතෙන්නේ නෑනෙව.
අම්බෝ බලාගෙන ගියාම පොඩි කාලේ හින් මේකලාගේ මනමාලකමේ අඩුවක් නෑ ?
ඹාලු කියන්නේ මල්ලි කෙනෙක් ?
This comment has been removed by the author.
ReplyDeleteමධුරංග සහෝදරයා.- තාම ඒ මනමාලකම ගිහිං නෑ...
ReplyDeleteඅනේ නෑ..ඹාලු මහිලාවක් අයියා...
ඕ ඕ.
ReplyDeleteමම් හිතන් හිටියේ මලයෙක් ය කියලා. කාරි නෑ දරුවෝ දිගටම ලියන්න. අනිවාර්යෙන්ම මම කියවන්න එන්නම්. :)
මේකනම් මරේ මරු.........ඇත්තටම පුපුල්ව අයේ හම්බුන් නැද්ද??? පව් අප්පා ඹාලු....
ReplyDeleteපවු අෆ්ෆා අසරණයා. ඒ ඉස්කෝලේ ළමයි දෙයියන්ට පින් දෙනවා ඇති ඹාළුවාව ඉසකෝලෙන් පිටමන් කොරාට :p
ReplyDeleteහොඳ ලමයට-නෑනේ හෆ්ෆා..දවසක් මං පුපුල් වගේ කොල්ලෙක් බස් එකේදි දැක්කා...එච්චරම එච්චරයි...
ReplyDeleteelephas-අනේ හැබෑටම........කල්යාණ මිත්තරයොත් කියන කතා...
හිකිස්!
ReplyDeleteඅම්මා ගායි බැට් එකෙන්,,,,පව් කොල්ලා
ReplyDeleteවිසිතුරු අයියා- හැබෑටම අයියන්ඩි..මම මේ තාම කල්පනා කරන්නේ ඒ දවස්වල මේ සීන් එකට මට හිනා නොගියේ මොකද කියලා...
ReplyDeleteපිස්සු කොල්ලා- බ්ලොගේට ගොඩවැදුනාට ස්තුතියි...!
කොල්ලා පවු..කාටවත් මගේ රුපියල් හතර ගැන ගානක් නෑ නෙව?
අළුත් ළමයින්ට තියෙන ප්රශ්නේ තමා මේක. බ්ලොග් එක පටන් ගත්තට ලියන්නේ නෑ. මොකෝ නිවාඩු නැද්ද. එහෙම නැත්නම් කම්මැලියි ද ? මොනාහරි ලියලා දැම්මා නම් හොද නැද්ද නංගි ? :)
ReplyDelete